Surah As-Saff in Sinhala

    الصف

    Surah As-Saff in Sinhala

    Read Surah As-Saff in Sinhala (الصف) with Arabic text, Sinhala translation, and audio recitation. Chapter 61 of the Holy Quran, 14 verses — free online.

    Quran in Sinhala · all 114 Surahs

    سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

    අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ්ව සුවිශුද්ධ කරයි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.

    يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لِمَ تَقُولُونَ مَا لَا تَفۡعَلُونَ

    අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සිදු නො කරන දෙයක් නුඹලා පවසනුයේ ඇයි?

    كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ أَن تَقُولُواْ مَا لَا تَفۡعَلُونَ

    නුඹලා සිදු නො කරන දෙයක් ගැන පැවසීම අල්ලාහ් අබියස කෝපයෙන් ඉමහත් විය.

    إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلَّذِينَ يُقَٰتِلُونَ فِي سَبِيلِهِۦ صَفّٗا كَأَنَّهُم بُنۡيَٰنٞ مَّرۡصُوصٞ

    ශක්තිමත් ලෙස ඉඳි කරන ලද ගොඩනැගිල්ලක් සේ පෙළ ගැසී ඔහුගේ මාර්ගයේ සටන් කරන්නන් නියත වශයෙන් ම අල්ලාහ් ප්‍රිය කරයි.

    وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ لِمَ تُؤۡذُونَنِي وَقَد تَّعۡلَمُونَ أَنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡۖ فَلَمَّا زَاغُوٓاْ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمۡۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ

    තවද “අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලා වෙත පැමිණි අල්ලාහ්ගේ දූතයා බව නුඹලා දැන දැනම නුඹලා මට හිංසා කරනුයේ ඇයි දැ?”යි මූසා ඔහුගේ ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු. එහෙයින් ඔවුන් (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව ගිය කල්හි, අල්ලාහ් ඔවුන්ගේ හදවත් ද (සත්‍ය මාර්ගයෙන්) ඉවත්ව යන්නට සැලසුවේ ය. තවද අල්ලාහ් දුෂ්ඨ ජනයාට මග නො පෙන්වයි.

    وَإِذۡ قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُم مُّصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيَّ مِنَ ٱلتَّوۡرَىٰةِ وَمُبَشِّرَۢا بِرَسُولٖ يَأۡتِي مِنۢ بَعۡدِي ٱسۡمُهُۥٓ أَحۡمَدُۖ فَلَمَّا جَآءَهُم بِٱلۡبَيِّنَٰتِ قَالُواْ هَٰذَا سِحۡرٞ مُّبِينٞ

    තවද “ඉස්රාඊල් දරුවනි! මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද මගෙන් පසුව පැමිණෙන තම නාමය අහ්මද් නමැති (මුහම්මද් නම්) දූතයෙකු ගැන ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද මම නුඹලා වෙත පැමිණ ඇති අල්ලාහ්ගේ දූතයෙකු වෙමි” යැයි, මර්යම්ගේ පුත් ඊසා පැවසූ අවස්ථාව සිහියට නගනු. එහෙත් ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ ඔහු පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමකි යැයි ඔවුහු පැවසුවෝ ය.

    وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُوَ يُدۡعَىٰٓ إِلَى ٱلۡإِسۡلَٰمِۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ

    තවද ඉස්ලාමය වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී අල්ලාහ් වෙත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.

    يُرِيدُونَ لِيُطۡفِـُٔواْ نُورَ ٱللَّهِ بِأَفۡوَٰهِهِمۡ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ

    අල්ලාහ්ගේ ආලෝකය ඔවුන් ඔවුන්ගේ මුඛවලින් (පිඹ) නිවා දැමීමට අපේක්ෂා කරති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම ආලෝකය පූර්ණවත් කරන්නා ය.

    هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُشۡرِكُونَ

    දේව ආදේශකයින් පිළිකුල් කළ ද යහමග හා සත්‍යය දහම සමඟ එය සියලු දහම්වලට වඩා ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්) එවා සිටියේ ඔහු ය.

    ෧෦

    يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ تِجَٰرَةٖ تُنجِيكُم مِّنۡ عَذَابٍ أَلِيمٖ

    අහෝ දේවත්වය විශ්වාස කළවුනි! වේදනීය දඬුවමකින් නුඹලාව ආරක්ෂා කරන ව්‍යාපාරයක් මම නුඹලාට පෙන්වා දෙන්න ද?

    ෧෧

    تُؤۡمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ

    (එය) නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කිරීම ය. නුඹලාගේ ධනය හා නුඹලාගේ ජීවිත අල්ලාහ්ගේ මාර්ගයෙහි කැප කිරීම ය. නුඹලා දැන සිටින්නෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ ය.

    ෧෨

    يَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡ وَيُدۡخِلۡكُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ وَمَسَٰكِنَ طَيِّبَةٗ فِي جَنَّٰتِ عَدۡنٖۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

    නුඹලාගේ පාපයන්වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද ඔහු නුඹලා (ස්වර්ග) උයන්වලට ඇතුළත් කරයි. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. (අද්න් නම්) සදා ස්වර්ග උයන්හි යහපත් වාසස්ථාන ඇත. එයයි අතිමහත් ජයග්‍රහණ ය.

    ෧෩

    وَأُخۡرَىٰ تُحِبُّونَهَاۖ نَصۡرٞ مِّنَ ٱللَّهِ وَفَتۡحٞ قَرِيبٞۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ

    තවද නුඹලා එහි ප්‍රිය කරන තවත් දෑ ද ඇත. (එය) අල්ලාහ්ගෙන් වූ උපකාරයකි. තවද සමීප ජයග්‍රහණයක් ඇත. තවද නුඹ දේවත්වය විශ්වාස කරන්නන්හට ශුභාරංචි දන්වනු.

    ෧෪

    يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُونُوٓاْ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبۡنُ مَرۡيَمَ لِلۡحَوَارِيِّـۧنَ مَنۡ أَنصَارِيٓ إِلَى ٱللَّهِۖ قَالَ ٱلۡحَوَارِيُّونَ نَحۡنُ أَنصَارُ ٱللَّهِۖ فَـَٔامَنَت طَّآئِفَةٞ مِّنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٞۖ فَأَيَّدۡنَا ٱلَّذِينَ ءَامَنُواْ عَلَىٰ عَدُوِّهِمۡ فَأَصۡبَحُواْ ظَٰهِرِينَ

    අහෝ දේවත්වය විශ්වාස කළවුනි! මර්යම්ගේ පුත් ඊසා (තම) ගෝලයින්ගෙන් “අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නෝ කවුරුන් දැ?” යි විමසූ කල්හි “අපි අල්ලාහ්ගේ උදව්කරුවෝ වෙමු” යැයි ගෝලයෝ පැවසූහ. එලෙස නුඹලා ද අල්ලාහ්ගේ උදව්කරුවන් වනු. ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසක් විශ්වාස කළ අතර තවත් පිරිසක් ප්‍රතික්ෂේප කළෝය. එවිට අපි විශ්වාස කළවුන් ව ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව අපි ශක්තිමත් කළෙමු. පසුව ඔවුහු ජයග්‍රාහකයින් බවට පත් වූවෝය.

    As-Saff

    Play