Surah Al-Muminun in Sinhala

    المؤمنون

    Surah Al-Muminun in Sinhala

    Read Surah Al-Muminun in Sinhala (المؤمنون) with Arabic text, Sinhala translation, and audio recitation. Chapter 23 of the Holy Quran, 118 verses — free online.

    Quran in Sinhala · all 114 Surahs

    قَدۡ أَفۡلَحَ ٱلۡمُؤۡمِنُونَ

    දේවත්වය විශ්වාස කරන්නෝ සැබැවින් ම ජය ලැබුවෝ ය.

    ٱلَّذِينَ هُمۡ فِي صَلَاتِهِمۡ خَٰشِعُونَ

    ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති.

    وَٱلَّذِينَ هُمۡ عَنِ ٱللَّغۡوِ مُعۡرِضُونَ

    තවද ඔවුහු වනාහි නිෂ්ඵල දැයින් වැළකෙන්නෝ වෙති.

    وَٱلَّذِينَ هُمۡ لِلزَّكَوٰةِ فَٰعِلُونَ

    තවද ඔවුහු වනාහි zසකාත් ඉටු කරන්නෝ වෙති.

    وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ

    තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.

    إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ

    එහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් වහල් කාන්තාවන් (සමඟ) හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුහු දොස් නගනු ලබන්නන් නො වෙති.

    فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ

    එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද? එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ.

    وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ

    තවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති.

    وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَوَٰتِهِمۡ يُحَافِظُونَ

    තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් පිළිබඳ සුපරීක්ෂාවෙන් කටයුතු කරන්නෝ වෙති.

    ෧෦

    أُوْلَٰٓئِكَ هُمُ ٱلۡوَٰرِثُونَ

    ඔවුහු මය උරුමක්කරුවෝ.

    ෧෧

    ٱلَّذِينَ يَرِثُونَ ٱلۡفِرۡدَوۡسَ هُمۡ فِيهَا خَٰلِدُونَ

    ෆිර්දවුස්(නම් ස්වර්ග)ය උරුම කර ගත්තෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

    ෧෨

    وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن سُلَٰلَةٖ مِّن طِينٖ

    සැබැවින් ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු.

    ෧෩

    ثُمَّ جَعَلۡنَٰهُ نُطۡفَةٗ فِي قَرَارٖ مَّكِينٖ

    පසුව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු.

    ෧෪

    ثُمَّ خَلَقۡنَا ٱلنُّطۡفَةَ عَلَقَةٗ فَخَلَقۡنَا ٱلۡعَلَقَةَ مُضۡغَةٗ فَخَلَقۡنَا ٱلۡمُضۡغَةَ عِظَٰمٗا فَكَسَوۡنَا ٱلۡعِظَٰمَ لَحۡمٗا ثُمَّ أَنشَأۡنَٰهُ خَلۡقًا ءَاخَرَۚ فَتَبَارَكَ ٱللَّهُ أَحۡسَنُ ٱلۡخَٰلِقِينَ

    පසුව අපි එම ශුක්‍රාණුව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසුව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසුව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසුව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසුව අපි ඔහුව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් උත්පාදකයින්ගෙන් වඩාත් අලංකාර වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය.

    ෧෫

    ثُمَّ إِنَّكُم بَعۡدَ ذَٰلِكَ لَمَيِّتُونَ

    ඉන් අනතුරුව නියත වශයෙන් ම නුඹලා මරණයට පත් වන්නෝ වෙති.

    ෧෬

    ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ تُبۡعَثُونَ

    පසුව නියත වශයෙන් ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැගිටුවනු ලබති.

    ෧෭

    وَلَقَدۡ خَلَقۡنَا فَوۡقَكُمۡ سَبۡعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلۡخَلۡقِ غَٰفِلِينَ

    තවද නුඹලාට ඉහළින් මාවත් හතක් මැව්වෙමු. තවද මැවීම් පිළිබඳව අපි අනවධානීන් නො වූයෙමු.

    ෧෮

    وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَسۡكَنَّٰهُ فِي ٱلۡأَرۡضِۖ وَإِنَّا عَلَىٰ ذَهَابِۭ بِهِۦ لَقَٰدِرُونَ

    තවද අපි අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කර මහපොළොවට පතිත කළෙමු. එමෙන් ම නියත වශයෙන් ම අපි එය පහ කිරීමටත් බලය ඇත්තෝ වන්නෙමු.

    ෧෯

    فَأَنشَأۡنَا لَكُم بِهِۦ جَنَّٰتٖ مِّن نَّخِيلٖ وَأَعۡنَٰبٖ لَّكُمۡ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ

    පසුව අපි එමඟින් නුඹලාට ඉඳි හා මිදියෙන් යුත් උයන් බිහි කළෙමු. එහි නුඹලාට අධික පලතුරු ද ඇත. එමඟින් නුඹලා අනුභව කරන්නෙහු ය.

    ෨෦

    وَشَجَرَةٗ تَخۡرُجُ مِن طُورِ سَيۡنَآءَ تَنۢبُتُ بِٱلدُّهۡنِ وَصِبۡغٖ لِّلۡأٓكِلِينَ

    තවද තූර් සයිනා කන්දෙන් මතු වන ගසක් ද (අපි බිහි කළෙමු.) එය තෙල ද අනුභව කරන්නන්හට ව්‍යංජනයක් ද හට ගන්වයි.

    ෨෧

    وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ

    තවද නියත වශයෙන් ම ගොවිපළ සතුන් තුළ නුඹලාට පාඩමක් ඇත. උන්ගේ උදරය තුළ ඇති දැයින් අපි නුඹලාට පානය සපයන්නෙමු. තවද නුඹලාට එහි බොහෝ ප්‍රයෝජන ද ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහු ය.

    ෨෨

    وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ

    තවද ඒ මත ද නැව මත ද නුඹලා උසුලාගෙන යනු ලබන්නෙහු ය.

    ෨෩

    وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ

    තවද සැබැවින් ම අපි නූහ් ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු අහෝ මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. නුඹලා බිය බැතිමත් නො වන්නෙහු ද?

    ෨෪

    فَقَالَ ٱلۡمَلَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيۡكُمۡ وَلَوۡ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَٰٓئِكَةٗ مَّا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ

    එවිට ඔහුගේ ජනයා අතරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලාට වඩා උසස් වන්නට ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් අභිමත කළේ නම් මලක්වරුන් පහළ කරන්නට තිබුණි. මේ පිළිබඳ අපගේ මුල් මුතුන් මිත්තන්ගෙන් පවා අප අසා නැත’ යැයි පැවසූහ.

    ෨෫

    إِنۡ هُوَ إِلَّا رَجُلُۢ بِهِۦ جِنَّةٞ فَتَرَبَّصُواْ بِهِۦ حَتَّىٰ حِينٖ

    ඔහු උමතුව ඇති මිනිසකු මිස නැත. එහෙයින් ටික කලක් දක්වා ඔහු ගැන බලා පොරොත්තුවෙන් සිටිනු.

    ෨෬

    قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ

    මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු පැවසුවේ ය.

    ෨෭

    فَأَوۡحَيۡنَآ إِلَيۡهِ أَنِ ٱصۡنَعِ ٱلۡفُلۡكَ بِأَعۡيُنِنَا وَوَحۡيِنَا فَإِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ فَٱسۡلُكۡ فِيهَا مِن كُلّٖ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ مِنۡهُمۡۖ وَلَا تُخَٰطِبۡنِي فِي ٱلَّذِينَ ظَلَمُوٓاْ إِنَّهُم مُّغۡرَقُونَ

    අපගේ අධීක්ෂණය හා අපගේ දේව පණිවිඩ අනුව නුඹ නැව තනනු යැයි අපි ඔහු වෙත දේව පණිවිඩ එව්වෙමු. අපගේ නියෝගය පැමිණි විට හා ලිප උතුරන විට සෑම දෙයක ජෝඩුවකින් ම දෙදෙනෙකු බැගින් ද ඔවුන් අතරින් කවරෙකු කෙරෙහි විනිශ්චය පෙරටු වූයේ ද එවන් අය හැර නුඹගේ පවුලේ සෙසු අය ද එහි කැටුවා ගෙන යනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමඟ කතා නො කරනු. නියත වශයෙන් ම ඔවුහු ගිල් වනු ලබන්නෝ වෙති.

    ෨෮

    فَإِذَا ٱسۡتَوَيۡتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلۡفُلۡكِ فَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي نَجَّىٰنَا مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ

    නුඹ හා නුඹ සමඟ වූවන් නැවට නැග සිටි විට, ‘අපරාධකාරී ජනයාගෙන් අප මුදවා ගත් අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා’ යැයි නුඹ පවසනු.

    ෨෯

    وَقُل رَّبِّ أَنزِلۡنِي مُنزَلٗا مُّبَارَكٗا وَأَنتَ خَيۡرُ ٱلۡمُنزِلِينَ

    තවද මාගේ පරමාධිපතියාණනි! සමෘද්ධිමත් ස්ථානයකට මා ගොඩ බස්වනු මැනව! තවද නුඹ ගොඩ බස්වන්නන් අතර ශ්‍රේෂ්ඨය යැයි නුඹ පවසනු.

    ෩෦

    إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ وَإِن كُنَّا لَمُبۡتَلِينَ

    නියත වශයෙන් ම එහි සංඥා ඇත. තවද සැබැවින් ම අපි පරීක්ෂා කරනු ලබන්නන් වූයෙමු.

    ෩෧

    ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ

    අනතුරුව ඔවුන්ගෙන් පසුව අපි වෙනත් පරපුරක් බිහි කළෙමු.

    ෩෨

    فَأَرۡسَلۡنَا فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ

    ‘නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ?’ යි විමසමින් අපි ඔවුන්ගෙන් වූ රසූල්වරයකු එවිට ඔවුන් අතරට එව්වෙමු.

    ෩෩

    وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِهِ ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِلِقَآءِ ٱلۡأٓخِرَةِ وَأَتۡرَفۡنَٰهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يَأۡكُلُ مِمَّا تَأۡكُلُونَ مِنۡهُ وَيَشۡرَبُ مِمَّا تَشۡرَبُونَ

    ඔහුගේ ජනයා අතරින් (සත්‍යය) ප්‍රතික්ෂේප කළ, පරමාන්ත දිනයේ හමුව (ගැන) බොරු කළ, තවද මෙලොවෙහි ඔවුනට සුපෝඛබෝගී ජීවිතයක් අප පිරිනැමූ ප්‍රධානීහු "මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත, නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි" යැයි පැවසුවෝ ය.

    ෩෪

    وَلَئِنۡ أَطَعۡتُم بَشَرٗا مِّثۡلَكُمۡ إِنَّكُمۡ إِذٗا لَّخَٰسِرُونَ

    තවද නුඹලා මෙන් වූ මිනිසකුට නුඹලා යටත් වූයේ නම් එවිට නියත වශයෙන් ම නුඹලා අලාභවන්තයෝ වන්නෙහු ය.

    ෩෫

    أَيَعِدُكُمۡ أَنَّكُمۡ إِذَا مِتُّمۡ وَكُنتُمۡ تُرَابٗا وَعِظَٰمًا أَنَّكُم مُّخۡرَجُونَ

    නියත වශයෙන් ම නුඹලා මිය ගොස්, පස් හා අස්ථි බවට නුඹලා පත් වූ විට නියත වශයෙන් ම නුඹලා (ට නැවත ප්‍රාණය දී) බැහැර කරනු ලබන්නෝ යැයි ඔහු නුඹලාට ප්‍රතිඥාවක් දෙන්නේ ද?

    ෩෬

    ۞ هَيۡهَاتَ هَيۡهَاتَ لِمَا تُوعَدُونَ

    නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ දුරස්ය. ඉතා දුරස් ය.

    ෩෭

    إِنۡ هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا نَحۡنُ بِمَبۡعُوثِينَ

    මෙය, අපගේ මෙලොව ජීවිතය හැර වෙනෙකක් නො වේ. අපි මිය යන්නෙමු. තවද අපි ජීවත් වන්නෙමු. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නො වෙමු.

    ෩෮

    إِنۡ هُوَ إِلَّا رَجُلٌ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا وَمَا نَحۡنُ لَهُۥ بِمُؤۡمِنِينَ

    ඔහු අල්ලාහ්ට එරෙහිව බොරුවක් ගොතා පවසන මිනිසෙකු මිස නැත. තවද අපි ඔහුව විශ්වාස කරන්නන් නො වෙමු.

    ෩෯

    قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ

    මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු පැවසුවේ ය.

    ෪෦

    قَالَ عَمَّا قَلِيلٖ لَّيُصۡبِحُنَّ نَٰدِمِينَ

    මද කලකින් සැබැවින් ම ඔවුන් පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇතැයි ඔහු පැවසුවේ ය.

    ෪෧

    فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ بِٱلۡحَقِّ فَجَعَلۡنَٰهُمۡ غُثَآءٗۚ فَبُعۡدٗا لِّلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ

    එවිට මහා හඬ සැබෑ ලෙසින් ම ඔවුන්ව හසු කර ගත්තේ ය. පසුව වියළී ගිය ඉපැනැලි බවට අපි ඔවුන් පත් කළෙමු. එහෙයින් අපරාධකාරී ජනයාට ශාපයක් ම වේවා!

    ෪෨

    ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قُرُونًا ءَاخَرِينَ

    අනතුරුව ඔවුන්ගෙන් පසුව අපි වෙනත් පරම්පරාවන් බිහි කළෙමු.

    ෪෩

    مَا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ

    කිසිදු සමූහයක් එහි නියමිත කාලය අබිබවා නො යනු ඇත. තවද ඔවුහු ප්‍රමාද ද නො වනු ඇත.

    ෪෪

    ثُمَّ أَرۡسَلۡنَا رُسُلَنَا تَتۡرَاۖ كُلَّ مَا جَآءَ أُمَّةٗ رَّسُولُهَا كَذَّبُوهُۖ فَأَتۡبَعۡنَا بَعۡضَهُم بَعۡضٗا وَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَۚ فَبُعۡدٗا لِّقَوۡمٖ لَّا يُؤۡمِنُونَ

    පසුව අපගේ දූතවරුන් අනුපිළිවෙළින් අපි එව්වෙමු. සමූහයක් වෙත එහි පණිවිඩකරුවෙකු පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකුව ඇතැමෙකුට පසු අනුගමනය කිරීමට සැළැස්සුවෙමු. තවද ඔවුන්ව (පුරාණ ඉතිහාස) පුවත් බවට පත් කළෙමු. එහෙයින් දේවත්වය විශ්වාස නො කරන ජනයාට (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරසක් ම වේවා!

    ෪෫

    ثُمَّ أَرۡسَلۡنَا مُوسَىٰ وَأَخَاهُ هَٰرُونَ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ

    පසුව අපි අපගේ සංඥා හා පැහැදිලි සාධක සමඟ මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යැව්වෙමු.

    ෪෬

    إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَٱسۡتَكۡبَرُواْ وَكَانُواْ قَوۡمًا عَالِينَ

    ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. එහෙත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අහංකාර පිරිසක් වූහ.

    ෪෭

    فَقَالُوٓاْ أَنُؤۡمِنُ لِبَشَرَيۡنِ مِثۡلِنَا وَقَوۡمُهُمَا لَنَا عَٰبِدُونَ

    අප මෙන් මිනිසුන් දෙදෙනෙකු අපි විශ්වාස කළ යුතු ද? ඔවුන් දෙදෙනාගේ ජනයා අපට ගැතිකම් කරන්නනෝ වෙති යැයි ඔවුහු පැවසුවෝ ය.

    ෪෮

    فَكَذَّبُوهُمَا فَكَانُواْ مِنَ ٱلۡمُهۡلَكِينَ

    එහෙයින් ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝ ය. එවිට ඔවුහු විනාශ කරනු ලැබූවන් අතරින් වූහ.

    ෪෯

    وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ لَعَلَّهُمۡ يَهۡتَدُونَ

    තවද ඔවුන් ඍජු මග ලැබිය හැකි වනු පිණිස සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.

    ෫෦

    وَجَعَلۡنَا ٱبۡنَ مَرۡيَمَ وَأُمَّهُۥٓ ءَايَةٗ وَءَاوَيۡنَٰهُمَآ إِلَىٰ رَبۡوَةٖ ذَاتِ قَرَارٖ وَمَعِينٖ

    තවද මර්යම්ගේ පුත් හා ඔහුගේ මව සංඥාවක් බවට අපි පත් කළෙමු. තවද උල්පත් හා නිශ්චල උස් තැනි තලාවක ඔවුන් දෙදෙනාට අපි නවාතැන් දුනිමු.

    ෫෧

    يَٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُواْ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ عَلِيمٞ

    අහෝ දූතවරුනි! පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද දැහැමි කටයුතු සිදු කරනු. නියත වශයෙන් ම මා නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ඥානී ය.

    ෫෨

    وَإِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَأَنَا۠ رَبُّكُمۡ فَٱتَّقُونِ

    තවද නුඹලාගේ මෙම සමාජය එක ම සමාජයකි. තවද මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.

    ෫෩

    فَتَقَطَّعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ زُبُرٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ

    එහෙත් ඔවුහු ඔවුන්ගේ කරුණ ඔවුන් අතර වෙන් වෙන්ව බෙදා වෙන් කර ගත්තෝ ය. සෑම පක්ෂයක් ම ඔවුන් සතු දෑ පිළිබඳව සතුටු වන්නෝ වූහ.

    ෫෪

    فَذَرۡهُمۡ فِي غَمۡرَتِهِمۡ حَتَّىٰ حِينٍ

    එහෙයින් මද කලකට ඔවුන්ගේ අඥානකමෙහි නුඹ ඔවුන් අත් හැර දමනු.

    ෫෫

    أَيَحۡسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٖ وَبَنِينَ

    අප කවර දෙයක් ධනයෙන් හා දරුවන්ගෙන් ඔවුනට පිරිනමන්නේ ද එමඟින්...

    ෫෬

    نُسَارِعُ لَهُمۡ فِي ٱلۡخَيۡرَٰتِۚ بَل لَّا يَشۡعُرُونَ

    අපි ඔවුනට යහපත ඉක්මන් කරන්නෙමු යැයි ඔවුහු සිතන්නෝ ද? නැත. ඔවුහු (ඒ බව) නො හඟති.

    ෫෭

    إِنَّ ٱلَّذِينَ هُم مِّنۡ خَشۡيَةِ رَبِّهِم مُّشۡفِقُونَ

    නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපති ගැන වූ බිය හේතුවෙන් තැති ගත් අය ද,

    ෫෮

    وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِ رَبِّهِمۡ يُؤۡمِنُونَ

    තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් පිළිබඳ විශ්වාස කරන අය ද,

    ෫෯

    وَٱلَّذِينَ هُم بِرَبِّهِمۡ لَا يُشۡرِكُونَ

    තවද ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ නො තබන අය ද,

    ෬෦

    وَٱلَّذِينَ يُؤۡتُونَ مَآ ءَاتَواْ وَّقُلُوبُهُمۡ وَجِلَةٌ أَنَّهُمۡ إِلَىٰ رَبِّهِمۡ رَٰجِعُونَ

    නියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපති වෙත නැවත හැරෙන්නන් වනු ඇතැයි ඔවුන්ගේ හදවත් තැති ගනිමින් තිබිය දී ඔවුනට පිරිනැමූ දෑ පිරිනමන අය ද,

    ෬෧

    أُوْلَٰٓئِكَ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَهُمۡ لَهَا سَٰبِقُونَ

    තවද (මෙවැන්නන්) යහකම් කිරීමෙහි යුහුසුලු වනුයේ ඔවුහු ම ය. තවද ඔවුහු ඒ සඳහා ඉදිරියෙන් සිටින්නෝ වෙති.

    ෬෨

    وَلَا نُكَلِّفُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ وَلَدَيۡنَا كِتَٰبٞ يَنطِقُ بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ

    තවද කිසිදු ආත්මයකට එහි ප්‍රමාණයට මිස අපි (කිසිවක්) නො පටවන්නෙමු. සත්‍යය කතා කරන පුස්තකයක් අප අතර ඇත. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.

    ෬෩

    بَلۡ قُلُوبُهُمۡ فِي غَمۡرَةٖ مِّنۡ هَٰذَا وَلَهُمۡ أَعۡمَٰلٞ مِّن دُونِ ذَٰلِكَ هُمۡ لَهَا عَٰمِلُونَ

    එහෙත් ඔවුන්ගේ හදවත් මේ පිළිබඳව අඥානභාවයෙහි පවතී. තවද ඔවුනට මේ හැර වෙනත් (අයහපත්) ක්‍රියාදාමයන් ද ඇත. ඔවුහු එය සිදු කරන්නෝ වෙති.

    ෬෪

    حَتَّىٰٓ إِذَآ أَخَذۡنَا مُتۡرَفِيهِم بِٱلۡعَذَابِ إِذَا هُمۡ يَجۡـَٔرُونَ

    අපි ඔවුන් අතර වූ සුඛෝපභෝගී ජීවිතයක් දෙනු ලැබූවන් දඬුවමින් හසු කරගන්නා තෙක් එසේ පවතී. එවිට ඔවුහු බැගෑපත් වෙති.

    ෬෫

    لَا تَجۡـَٔرُواْ ٱلۡيَوۡمَۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ

    අද දින නුඹලා බැගෑපත් නො වනු. නියත වශයෙන් ම නුඹලා අපගෙන් උදව් නො ලබනු ඇත.

    ෬෬

    قَدۡ كَانَتۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَكُنتُمۡ عَلَىٰٓ أَعۡقَٰبِكُمۡ تَنكِصُونَ

    නුඹලා කෙරෙහි මාගේ වදන් පාරායනය කරනු ලබමින් තිබිණ. එහෙත් නුඹලා (එයින්) වැළකී නුඹලා හැරී පලා යමින් සිටියෙහු ය.

    ෬෭

    مُسۡتَكۡبِرِينَ بِهِۦ سَٰمِرٗا تَهۡجُرُونَ

    එවිට නුඹලා ඒ ගැන උඩඟුවන්නන් ලෙසින් රාත්‍රියේ පුහු කතාවල නිරතවෙමින් සිටියෙහු ය.

    ෬෮

    أَفَلَمۡ يَدَّبَّرُواْ ٱلۡقَوۡلَ أَمۡ جَآءَهُم مَّا لَمۡ يَأۡتِ ءَابَآءَهُمُ ٱلۡأَوَّلِينَ

    එහෙයින් ඔවුහු එම ප්‍රකාශය (අල් කුර්ආනය) පරිශීලනය නො කළෝ ද? එසේ නැතහොත් ඔවුන්ගේ මුල් මුතුන් මිත්තන්හට නොපැමිණි දෑ ඔවුන් වෙත පැමිණ තිබේ ද?

    ෬෯

    أَمۡ لَمۡ يَعۡرِفُواْ رَسُولَهُمۡ فَهُمۡ لَهُۥ مُنكِرُونَ

    එසේ නැතහොත් ඔවුන්ගේ ධර්ම දූතයාණන් ගැන ඔවුහු නොදැන, පසුව ඔවුහු ඔහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?

    ෭෦

    أَمۡ يَقُولُونَ بِهِۦ جِنَّةُۢۚ بَلۡ جَآءَهُم بِٱلۡحَقِّ وَأَكۡثَرُهُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ

    එසේ නැතහොත් ඔහු උමතුවෙන් පෙළෙනු ඇතැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නො ව, ඔහු ඔවුන් වෙත සත්‍යය සමඟ පැමිණියේ ය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වූහ.

    ෭෧

    وَلَوِ ٱتَّبَعَ ٱلۡحَقُّ أَهۡوَآءَهُمۡ لَفَسَدَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ بَلۡ أَتَيۡنَٰهُم بِذِكۡرِهِمۡ فَهُمۡ عَن ذِكۡرِهِم مُّعۡرِضُونَ

    තවද සත්‍යය ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළේ නම් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති අය ද දූෂිත වී යනු ඇත. එසේ නො ව, ඔවුනට උපදෙසක් අපි පිරිනැමුවෙමු. එහෙත් ඔවුහු ඔවුන්ගේ මෙනෙහි කිරීමෙන් වැළකෙන්නෝ වූහ.

    ෭෨

    أَمۡ تَسۡـَٔلُهُمۡ خَرۡجٗا فَخَرَاجُ رَبِّكَ خَيۡرٞۖ وَهُوَ خَيۡرُ ٱلرَّٰزِقِينَ

    එසේ නැතහොත්, නුඹ ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලුවෙහි ද? නුඹගේ පරමාධිපතිගේ කුලිය ශ්‍රේෂ්ඨ ය. තවද ඔහු පෝෂකයින් අතරින් ද ශ්‍රේෂ්ඨයා ය.

    ෭෩

    وَإِنَّكَ لَتَدۡعُوهُمۡ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

    තවද නියත වශයෙන් ම නුඹ ඔවුන් ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහි ය.

    ෭෪

    وَإِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَٰكِبُونَ

    තවද නියත වශයෙන් ම මතු ලොව විශ්වාස නො කරන්නන් එම මාර්ගයෙන් හැරෙන්නෝ වෙති.

    ෭෫

    ۞ وَلَوۡ رَحِمۡنَٰهُمۡ وَكَشَفۡنَا مَا بِهِم مِّن ضُرّٖ لَّلَجُّواْ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ

    තවද අපි ඔවුනට කරුණාව දක්වා ඔවුනට අත් වූ පීඩාව අපි පහ කළේ නම් ඔවුහු ඔවුන්ගේ මුළාවෙහිම ව්‍යාකූලත්වයෙන් වෙළී එල්බ සිටිනු ඇත.

    ෭෬

    وَلَقَدۡ أَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ فَمَا ٱسۡتَكَانُواْ لِرَبِّهِمۡ وَمَا يَتَضَرَّعُونَ

    තවද සැබැවින් ම අපි ඔවුන් දඬුවමින් ග්‍රහණය කළෙමු. එහෙත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටහත් නො වූහ. තවද ඔවුහු බැගෑපත් නො වූහ.

    ෭෭

    حَتَّىٰٓ إِذَا فَتَحۡنَا عَلَيۡهِم بَابٗا ذَا عَذَابٖ شَدِيدٍ إِذَا هُمۡ فِيهِ مُبۡلِسُونَ

    අවසානයේ අපි ඔවුන් වෙත දැඩි දඬුවමින් යුත් දොරටු විවෘත කළ විට ඔවුහු එහි බලාපොරොත්තු සුන් වූවෝ වූහ.

    ෭෮

    وَهُوَ ٱلَّذِيٓ أَنشَأَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ

    තවද නුඹලාට ශ්‍රවණය ද, දෘෂ්ටීන් ද, හදවත් ද නිර්මාණය කළේ ඔහු ම ය. නුඹලා කෘතඥ වනුයේ ස්වල්පයකි.

    ෭෯

    وَهُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ

    මහපොළොවේ නුඹලාව මැව්වේ ඔහු ම ය. තවද ඔහු වෙත ම නුඹලා රැස් කරනු ලබනු ඇත.

    ෮෦

    وَهُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ وَلَهُ ٱخۡتِلَٰفُ ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ أَفَلَا تَعۡقِلُونَ

    තවද ජීවය දෙන්නා ද, මරණයට පත් කරන්නා ද ඔහු ය. රාත්‍රිය හා දහවල වෙනස් වීම ඔහු සතු ය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නො වේ ද?

    ෮෧

    بَلۡ قَالُواْ مِثۡلَ مَا قَالَ ٱلۡأَوَّلُونَ

    එසේ නො ව, මුතුන් මිත්තන් පැවසුවාක් මෙන් ඔවුහු ද පැවසුවෝ ය.

    ෮෨

    قَالُوٓاْ أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ

    අපි මියගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෙමු දැ? යි ඔවුහු විමසූවෝ ය.

    ෮෩

    لَقَدۡ وُعِدۡنَا نَحۡنُ وَءَابَآؤُنَا هَٰذَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ

    මීට පෙර අප හා අපගේ මුතුන් මිත්තන් මේ සම්බන්ධයෙන් ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනත් කිසිවක් නැත.

    ෮෪

    قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ

    නුඹලා දැන සිටියෙහු නම් මහපොළොව හා එහි ඇත්තන් කවුරුන් සතු දැ? යි නුඹ විමසනු.

    ෮෫

    سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ

    අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ දැ? යි විමසනු.

    ෮෬

    قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ

    අහස් හතෙහි හිමිපාණන් හා මහත් වූ අර්ෂ්හි හිමිපාණන් කවුරුන් දැ? යි නුඹ විමසනු.

    ෮෭

    سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ

    අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි නුඹ විමසනු.

    ෮෮

    قُلۡ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيۡهِ إِن كُنتُمۡ تَعۡلَمُونَ

    සියලු දෑහි පාලනයන් තම අතෙහි ඇත්තා කවුරුන් දැ? යි නුඹ විමසනු. තවද ඔහු රැකවරණය සලසයි. තවද ඔහු කිසිවකුගෙන් රැකවරණය නො ලබයි. නුඹලා දැන සිටියාහු නම්!

    ෮෯

    سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ فَأَنَّىٰ تُسۡحَرُونَ

    අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා වශී කරනු ලබනුයේ කෙසේ දැ? යි නුඹ විමසනු.

    ෯෦

    بَلۡ أَتَيۡنَٰهُم بِٱلۡحَقِّ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ

    එසේ නො ව, අපි ඔවුන් වෙත සත්‍යය ගෙන ආවෙමු. තවද නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු ම ය.

    ෯෧

    مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٖ وَمَا كَانَ مَعَهُۥ مِنۡ إِلَٰهٍۚ إِذٗا لَّذَهَبَ كُلُّ إِلَٰهِۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ

    අල්ලාහ් කිසිදු දරුවකු නො ගත්තේ ය. තවද ඔහු සමඟ කිසිදු දෙවියකු ද නො වීය. එසේ (දෙවිවරු කිහිප දෙනෙකු) වූ විට සෑම දෙවියෙකු ම ඔහු මැවූ දෑ සමඟ පහව යනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වනු ඇත. ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුපිවිතුරු ය.

    ෯෨

    عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ

    ඔහු අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානී ය. එහෙයින් ඔවුන් ආදේශ තබන දැයින් ඔහු උත්තරීතර විය.

    ෯෩

    قُل رَّبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ

    මාගේ පරමාධිපතියාණනි! ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන දෑ නුඹ මට පෙන්වා දෙන්නේ නම් මැනව! යැයි නුඹ පවසනු.

    ෯෪

    رَبِّ فَلَا تَجۡعَلۡنِي فِي ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ

    මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයා අතරට මා පත් නො කරනු මැනව! (යැයි නුඹ පවසනු.)

    ෯෫

    وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمۡ لَقَٰدِرُونَ

    තවද අප ඔවුනට පොරොන්දු වන දෑ නුඹට පෙන්වීමට නියත වශයෙන් ම අපි බලය ඇත්තෝ වෙමු.

    ෯෬

    ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ ٱلسَّيِّئَةَۚ نَحۡنُ أَعۡلَمُ بِمَا يَصِفُونَ

    වඩාත් අලංකාර වනුයේ කුමක් ද? එමඟින් (නබිතුමණි) නුඹ නපුර වළක්වා ගනු. ඔවුන් වර්ණනා කරන දෑ පිළිබඳව අපි මැනවින් දන්නෙමු.

    ෯෭

    وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنۡ هَمَزَٰتِ ٱلشَّيَٰطِينِ

    තවද මාගේ පරමාධිපතියාණනි! ෂෙයිතානුන්ගේ පෙලඹවීම්වලින් මම නුඹගෙන් ආරක්ෂාව පතමි යැයි නුඹ පවසනු.

    ෯෮

    وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحۡضُرُونِ

    තවද මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා වෙත සම්මුඛ වීමෙන් මම නුඹගෙන් ආරක්ෂාව පතමි.

    ෯෯

    حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ رَبِّ ٱرۡجِعُونِ

    අවසානයේ ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණි විට මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නැවත හරවා යවනු මැනව! යැයි ඔහු පවසයි.

    ෧෦෦

    لَعَلِّيٓ أَعۡمَلُ صَٰلِحٗا فِيمَا تَرَكۡتُۚ كَلَّآۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَاۖ وَمِن وَرَآئِهِم بَرۡزَخٌ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ

    මා අතපසු කළ දෑහි දැහැමි දෑ ඉටු කිරීම සඳහා (එසේ හරවා යවනු මැනව!) එසේ නොව නියත වශයෙන් ම එය ඔහු පවසන ප්‍රකාශයක් පමණි. ඔවුන්ගෙන් පසුව ඔවුන් නැවත නැගිටු වනු ලබන දිනය දක්වා බාධකයක් ඇත.

    ෧෦෧

    فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيۡنَهُمۡ يَوۡمَئِذٖ وَلَا يَتَسَآءَلُونَ

    එවිට හොරණෑවෙහි පිඹිනු ලැබූ විට එදින ඔවුන් අතර සම්බන්ධතා නො පවතී. තවද ඔවුන් එකිනෙකා විමසා නො ගනිති.

    ෧෦෨

    فَمَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ

    එහෙයින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද එවිට ඔවුහු මය ජයග්‍රාහකයෝ.

    ෧෦෩

    وَمَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فِي جَهَنَّمَ خَٰلِدُونَ

    තවද කවරෙකුගේ තුලාවන් බරින් සැහැල්ලු වූයේ ද තමන්ට ම අලාභහානි කර ගත්තෝ ඔවුහු ම ය. ඔවුහු නිරයේ සදාතනිකයෝ වෙති.

    ෧෦෪

    تَلۡفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمۡ فِيهَا كَٰلِحُونَ

    (නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලයි. තවද ඔවුහු එහි විකෘති වූවෝ වෙති.

    ෧෦෫

    أَلَمۡ تَكُنۡ ءَايَٰتِي تُتۡلَىٰ عَلَيۡكُمۡ فَكُنتُم بِهَا تُكَذِّبُونَ

    මාගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වනු නො ලැබුවේ ද? එවිට නුඹලා එය බොරු කරමින් සිටියෙහු ය.

    ෧෦෬

    قَالُواْ رَبَّنَا غَلَبَتۡ عَلَيۡنَا شِقۡوَتُنَا وَكُنَّا قَوۡمٗا ضَآلِّينَ

    අපගේ පරමාධිපතියාණනි! “අපගේ අභාග්‍යය අපට ඉහළින් අබිබවා ගොස් ඇත. තවද අපි නොමග ගිය පිරිසක් වූයෙමු” යැයි ඔවුහු පවසති.

    ෧෦෭

    رَبَّنَآ أَخۡرِجۡنَا مِنۡهَا فَإِنۡ عُدۡنَا فَإِنَّا ظَٰلِمُونَ

    අපගේ පරමාධිපතියාණනි! අපව ඉන් බැහැර කරනු මැනව! එසේ අපි (නොමඟ වෙත) හැරුණේ නම් එවිට නියත වශයෙන් ම අපි අපරාධකරුවෝ වෙමු. (යැයි ඔවුහු පවසති.)

    ෧෦෮

    قَالَ ٱخۡسَـُٔواْ فِيهَا وَلَا تُكَلِّمُونِ

    නුඹලා එහි පහත් බවින් සිටිනු. තවද නුඹලා මට කතා නො කරනු යැයි ඔහු පවසයි.

    ෧෦෯

    إِنَّهُۥ كَانَ فَرِيقٞ مِّنۡ عِبَادِي يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَا وَأَنتَ خَيۡرُ ٱلرَّٰحِمِينَ

    නියත වශයෙන් ම මාගේ ගැත්තන් අතරින් පිරිසක් විය. ඔවුහු අපගේ පරමාධිපතියාණනි! අපි විශ්වාස කළෙමු. එහෙයින් අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! තවද ඔබ කරුණාවන්තයින්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය යැයි පවසමින් සිටිති.

    ෧෧෦

    فَٱتَّخَذۡتُمُوهُمۡ سِخۡرِيًّا حَتَّىٰٓ أَنسَوۡكُمۡ ذِكۡرِي وَكُنتُم مِّنۡهُمۡ تَضۡحَكُونَ

    එවිට නුඹලා මා මෙනෙහි කිරීම ඔවුන් නුඹලාට අමතක කර වන තෙක් නුඹලා ඔවුන් සරදමට ගත්තෙහු ය. තවද නුඹලා ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහු ය.

    ෧෧෧

    إِنِّي جَزَيۡتُهُمُ ٱلۡيَوۡمَ بِمَا صَبَرُوٓاْ أَنَّهُمۡ هُمُ ٱلۡفَآئِزُونَ

    (නුඹලාගේ සරදම් නො තකා) ඔවුන් ඉවසීමෙන් සිටි බැවින් අද දින නියත වශයෙන් ම මම ඔවුනට ප්‍රතිඵල පිරිනැමුවෙමි. නියත වශයෙන් ම ඔවුහු මය ජයග්‍රාහකයෝ.

    ෧෧෨

    قَٰلَ كَمۡ لَبِثۡتُمۡ فِي ٱلۡأَرۡضِ عَدَدَ سِنِينَ

    නුඹලා මහපොළොවෙහි කොපමණ වසර ගණනාවක් රැඳී සිටියෙහු ද? යැයි ඔහු විමසනු ඇත.

    ෧෧෩

    قَالُواْ لَبِثۡنَا يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖ فَسۡـَٔلِ ٱلۡعَآدِّينَ

    දිනක් හෝ දිනක කොටසක් අපි රැඳී සිටියෙමු. එහෙයින් නුඹ ගණන් කරන්නන්ගෙන් විමසනු යැයි ඔවුහු පවසති.

    ෧෧෪

    قَٰلَ إِن لَّبِثۡتُمۡ إِلَّا قَلِيلٗاۖ لَّوۡ أَنَّكُمۡ كُنتُمۡ تَعۡلَمُونَ

    නුඹලා ස්වල්ප කාලයක් මිස රැඳී නො සිටියෙහු ය. නියත වශයෙන් ම නුඹලා දැන සිටියාහු නම් යැයි ඔහු පැවසුවේ ය.

    ෧෧෫

    أَفَحَسِبۡتُمۡ أَنَّمَا خَلَقۡنَٰكُمۡ عَبَثٗا وَأَنَّكُمۡ إِلَيۡنَا لَا تُرۡجَعُونَ

    නියත වශයෙන් ම අපි නුඹලා නිකමට මවා ඇතැයි ද නියත වශයෙන් ම නුඹලා අප වෙත නැවත හැරී නො එනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?

    ෧෧෬

    فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡكَرِيمِ

    එහෙයින් සත්‍ය රජු වූ අල්ලාහ් උත්තරීතර ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ්හි හිමිපාණන් ය.

    ෧෧෭

    وَمَن يَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ لَا بُرۡهَٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ

    තවද කවරෙකු අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියස ය. නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ජය නො ලබනු ඇත.

    ෧෧෮

    وَقُل رَّبِّ ٱغۡفِرۡ وَٱرۡحَمۡ وَأَنتَ خَيۡرُ ٱلرَّٰحِمِينَ

    මාගේ පරමාධිපතියාණනි! නුඹ සමාව දෙනු මැනව! තවද කරුණා කරනු මැනව! තවද නුඹ කරුණාවන්තයින්ගෙන් අතිශ්‍රේෂ්ඨය යැයි (නබිවරය!) නුඹ පවසනු.

    Al-Muminun

    Play